Colombo Today Local News

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි.. යහපාලනය ගේන්න අපි සෝභිත හිමියන් පාවිච්චි කළා

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව පරාජය වීම ස්ථීර බවත්, වත්මන් ආණ්ඩුව කිසිදු ව්‍යාපෘතියක් හරියට කරගැනීමට නොහැති අසමත් ආණ්ඩුවක් බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය හීන වී ඇති බවත් එවැනි තත්ත්වයක් යටතේ නව ව්‍යස්ථාව සම්මත කරගැනීම කිසිසෙත් කරගත නොහැකි දෙයක් බවත් පවසන දේවසිරි මහතා ලොතරැයියක් විකුණා ගැනීමටත් ජනාධිපතිවරයාට මැදිහත්වීමට සිදුවන තත්වයක් උද්ගත වී ඇති බවද පවසයි.

“ඕනෑම කාර්යයට භික්ෂූන් පෙරට දැමීමෙන් එම කාර්යයට සමාජයේ පිළිගැනීමක් ලැබෙනවා.. අපි සෝභිත හිමියන් පෙරට දැම්මෙත් ඒකයි. හම්බන්තොටදි වුණෙත් ඒදේමයි“ යැයිද ආචාර්යවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සංවාදයකට එක්වෙමිනි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහභාගී වී සිටියහ.

Related posts

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

රාජ්‍ය නොවන සංවිධාන උවමනාවට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට මා සුදානම් නෑ – ජනපති

colombotoday

ටයර් සෑයවල පුච්චපු කොල්ලෝ කෙල්ලෝ ගාන මතකනම් ආයේ ප්‍රේමදාස යුගයකට යන්නේ නෑ

colombotoday

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

colombotoday

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday