Colombo Today Local News

කොටි ත්‍රස්තවාදීන් දහසක් ජර්මනිය තුළ ක්‍රියාත්මකයි.. ජර්මානු බුද්ධි සේවා හෙලිකරයි

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දහසක් පමණ ජර්මනිය තුළ තවමත් ක්‍රියාකාරීව සිටින බව එරට නවතම බුද්ධි අංශ වාර්තාවක් අනාවරණය කර ඇත.

ජර්මනියේ ජාතික බුද්ධි අංශයක් මගින් පසුගිය වසරේ දත්ත ඇසුරින් එළිදැක්වූ නවතම වාර්තාවක් මගින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කර ඇත.

එල්.ටී.ටී.ඊ.ය ඇතුළු ලෝකයේ තහනම් කරන ලද ත්‍රස්ත සංවිධාන රැසක පුද්ගලයන් 30,000ක පමණ පිරිසක් ජර්මනිය තුළ ක්‍රියාත්මක වී සිටින බව එම වාර්තාවේ දැක්වේ. මෙම පිරිසට ඉස්ලාමීය අන්තවාදීන්ද ඇතුළත් බව වාර්තාවේ විශේෂයෙන් දක්වා ඇත.

එහෙත් පසුගිය වසර වන විට ජර්මනිය තුළ සක්‍රීයව සිටින ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ත්‍රස්තවාදීන්ගේ ඉලක්කගත රටවලට අහිතකර බලපෑමක් වනු ඇති බව ජර්මානු බුද්ධි අංශය අවධාරණය කරයි.

Related posts

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

Admin

විමල්ගේ බිරිද ශෂී වීරවංශ අනතුරකට ලක්වෙයි

colombotoday

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

colombotoday

ළමා නිවාසයකින් සිසුවියන් 6ක් පැන ගිහින්

Admin

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

colombotoday

සමාජ මාධ්‍යයෙන් සාමයට බාධා කර සමාජය කැළඹූ බවට චෝදනා පිට පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday