අද (01) උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය නොමිලේ ලබාදෙන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා කළමණාකරන අධ්යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.
මැයි දින රැළි සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රථ වාහන සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
අද දිනය තුළ විශාල බස් රථ සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනු ඇති බවත් එම නිසා පිටවීමේ ස්ථානවල අතිරේක දොරටු ස්ථාපිත කිරීමට හෝ බස් රථ සඳහා පිටවීමේ දොරටු වෙන් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.