Colombo Today Local News

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

d6c6ea53d9f731a684e6a9e36b18d45e_L

ඉකුත් නිදහස්දා සැමරීමේ සැදෑ උත්සවයේදී ඔපෙරා ගායිකාවක් වන කිෂානි ජයසිංහ විසින් ගායනා කල ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය පිළිබඳව ‘දෙරණ-අරුණ’ වැඩසටහනේදී ද්වේශ සහගතව අදහස් දැක්වූයේ යැයි වන චෝදනාව මත සේවය අත්හිටුවා සිටි නීතිඥ සංඛ අමරජිත් මහතාව යළි සේවයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබුවේ සංඛ කළ අදාළ ප්‍රකාශය විවේචනය කර ඔහුට නිසි මඟ පෙන්වීම බවත්, අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් සංඛගේ වැඩ තහනම් කර ඇත්නම් එය ඉවත් කරන ලෙස අගමැති කාර්යාලය දෙරණ පාලනාධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව සංඛට නැවත රැකියාව ලැබී ඇති බව පැවසේ.

ඒ අනුව අද (04) වැනිදා සිට සංඛ දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයා ලෙස කටයුතු කිරීමට ද නියමිත බව වාර්තා වේ.

Related posts

අද වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි බේරුවල පුද්ගලයකුගේ බිරිඳක්.

colombotoday

15 හැවිරිදි දැරිය මිලට ගත් කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු තවත් 5ක් රිමාන්ඩ්

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

කෙරවලපිටිය කමිටුවට චම්පික රණවක ඇතුලත් කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්

colombotoday