Colombo Today Local News

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණයට ජනපති වැට බඳියි

Mahinda mithre
තමාගේ ආරක්‍ෂාවට යොදා සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ඒ අනුව තමාගේ ආරක්‍ෂාවට දැනට සිටින යුද හමුදා සෙබළුන් 103 දෙනා තවදුරටත් රාජකාරි කටයුතුවල නිරත වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කර ඒ වෙනුවට පොලිස්‌ නිලධාරීන් යෙදවීමට පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර තිබිණි. ඒ බැව් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා ඉකුත් 07 වැනිදා පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.

දිවයින

 

Related posts

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

යාචකයකු තියුණු ආයුධයකින් ඇන වෙළෙඳ සැලෙට ආ පුද්ගලයෙක් ඝාතනය කරයි

colombotoday

හෙට-අනිද්දා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

colombotoday