Colombo Today Local News

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

383579-3bb4d330-0b08-11e3-8e3e-24f3529673f4

පසුගිය වසරේ (2015) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවය තුළ රජය උපයාගන්නා ලද මුළු ආදායම ඉක්මවා ණය වාරික හා පොලී ගෙවීමට රුපියල් කෝටි 17,975ක් අලුතින් ණය ගැනීමට සිදුව ඇති බව 2016 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තා පෙන්වා දී තිබේ.

දේශීය වශයෙන් ලබාගත් රාජ්‍ය ණය 2015 පළමු මාස නමය තුළ 12%කින් වැඩිවී රුපියල් ට්‍රිලියන 8.7ක් දක්වා ඉහල ගොස් ඇතැයි පැවසේ.

අදාළ තත්ත්වයත් සමඟ ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගති කිරීම් දෙකක් වන ෆිච් රේටිං හා ස්ටෑඩර්ඩ් ඇන්ඩ් හූවර් දර්ශකවලින් පහත වැටී සිටී.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාට අනුව මුල් මාස නවයේදී අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 100,500ක් වුවත්, ලැබී ඇත්තේ රුපියල් කෝටි 959,000කි.

එම කාලයට ගෙවීමට තිබූ ණය පොලී වල වටිනාකම රුපියල් කෝටි 42,665ක් බවත්, ණය වාරිකය රුපියල් කෝටි 71,220ක් බවත් පැවසේ.

අදාළ කාලයට ගෙවිය යුතු ණය වාරිකය හා ණය පොලිය රුපියල් කෝටි 113,875ක් වී ඇත,

මීට පෙර ආදායම, ණය වාරික හා පොලිය ඉක්මවා ගොස් ඇත්තේ 102%ක් දක්වා පමණි.

කෙසේවුවද, අදාළ කාලයේදී එය 119% දක්වා වර්ධනය වී තිබේ.

එම කාලයේදී ආදායමට වඩා ණය වාරික හා පොලී මුදල රුපියල් කෝටි 17,975ක් වී ඇත.

මේ අතර, විදෙස් ආයෝජන රටින් පිටවීමක් දක්නට ලැබෙන බවද පැවසේ.

Srilankanmirror

Related posts

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

සිංහලයිනි නෙවෙයි “ලාංකිකයිනි නැගිටිව්!“.. ධර්මපාලතුමාගේ හඩ, UNP වේදිකාවේ ජනපති REMIX කරයි !

colombotoday

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

colombotoday

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday