විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධව සිට බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලද සුදු ජාතිකයන් ඇමරිකාවට ගොඩබැසීමෙන් පසු ස්‌වදේශිකයන් සතුව තිබූ සශ්‍රීක ඉඩම් කොල්ලකෑ ආකාරය කියවෙන චිත්‍රපටයක් ළඟකදී දැක ගන්නට ලැබුණි. එම ඉඩම් කොල්ලය සැලසුම් කර තිබුණේ විවෘත භූමියකයි. මලල ක්‍රීඩා තරගයක් ආකාරයට සංවිධානය කර තිබුණු අතර දෙපයින්, අසු පිටින් සහ අශ්ව කරත්ත වලින් දිවයන තරගකරුවන් ඉඩම් යායේ සිටුවා ඇති කොඩි කණු අත්පත් කරගත යුතුයි. එකිනෙකා පරයා දිවයන ඔවුන් තමන්ගේ ප්‍රතිවාදීන්ටද පහර දෙමින් ඉඩම් කැබලි අයිති කර ගැනීමට තියුණු සටනක යෙදෙයි. නූතන ඇමරිකාව බිහිවන්නේ මෙලෙස කොල්ල කා ගත් ඉඩම් යායන් රාජ්‍ය ලෙසට සංවිධානය වීමෙනි.
පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ලංකාවේ ඉඩම් මංකොල්ල කෑමට කරන ලද ක්‍රියාදාමයන් මීට වෙනස්‌ය. එයට හේතුව සිංහල ජනතාව දිගින් දිගටම දේශයේ ස්‌වාධීනත්වය උදෙසා සටන් වැදීමයි. ඒ නිසා භූමිය අත්පත් කර ගත් පසු මරා දමන ලද සිංහලයන්ගේ භාර්යාවන් සහ ළමුන් බලකොටු තුළ ගාල් කොට ක්‍රිස්‌තියානි ආගමට ගෙන විවිධ අණ පනත් මගින් පාරම්පරික ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇත. උතුරේ ඉඩම් සහ නැගෙනහිර ඉඩම් වල තත්ත්වයද එසේමය.වවුනියාව දකුණ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලයි. දළදා වහන්සේ වැඩම කරන ලද්දේ මේ ප්‍රදේශය හරහා බව තිබෙන ජනප්‍රවාද රාශියකි. එම නිසාම සිංහල ජනතාව බහුතරයක් මෙහි ජීවත්ව සිටි බව පැහැදිලිය. පසුගිය දා කොක් එළිය සිංහල ගම්මානය ට නුදුරුවම මහා ඉඩම් කොල්ලයක් ආරම්භ විය. දෙමළ ජාතික සංවිධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු වන සින්නමන් කොක්‌එළිය ගම්මානයේ ඉඩම් අක්‌කර පණහක් බලෙන්ම ඩෝසර් කොට එහි දෙමළ ජනතාව පදිංචි කරලීමට උත්සාහ කොට ඇත. ඒ අතර උතුරු පළාත් සභාවේ දී සර්වේස්‌වරන් මන්ත්‍රීවරයා පළාත් සභාවේදී කෑ කෝ ගසමින් කියා ඇත්තේ කොක්‌එළියේ හෝ උතුරේ ඉඩම් වලින් සිංහලයන් ඉවත් විය යුතු බවයි. උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වන්නේ දෙමළ දේශපාලකයන් විසින් සාදා ගත් පනහට පනහේ නීතියයි. බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් පසු මේ තත්ත්වය උදා වී ඇත. ප්‍රාදේශීය ලේකම්වරු සහ ඔවුන් යටතේ සිටින ග්‍රාම නිළධාරීන්ද මීට අනුබල දෙති.
කොක්‌එළිය ගම්මානය තුළ සිංහල සහ දෙමළ අනාථ වැසියන් පදිංචි කොට පහසුකම් සපයන ලද්දේ කොක්‌එළිය පණස්‌හය වන සේනාංකයයි. සිංහල දෙමළ භේදයකින් තොරව සියලු දෙනාටම එක සේ සැලකූ බව එම කාර්යය බාරව සිටි බ්‍රිගේඩියර් රණවක මහතා වරක් මට පැවසීය. කොක්‌එළිය ගම්මානය පසුකර යනෙන විට අපට කැලෑ බෝගස් වැව පුරාණ සිංහල ගම්මානය හමු වේ. පසුගිය යුද්ධ කාලයේ දී මේවායේ තිබූ අනාරක්‌ෂිත බව නිසා සිංහල ජනතාව ට උන්හිටි තැන් අහිමි වී තිබුණි. නමුත් යුද්ධයේ අවසානයත් සමග යුධ හමුදාව මැදිහත් වීමෙන් වැව් අලුත්වැඩියා කරමින් නැවත අවතැන් වූ ජනතාව පදිංචි කරවීමට පටන් ගත්හ. පණස් හයවන සේනාංකය එහිදී විශේෂ කාර්ය භාරයක් ඉටු කළ හැටි මට මතක් වේ. එකළ ජනාධිපති උපදේශකව සිටි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ ඉල්ලීම මත රුපියල් දශලක්‌ෂ සීයක් වැයකර විදුලිය ලබාදීමට විදුලි බල බලශක්‌ති ඇමැතිවරයාව සිටි චම්පික රණවක මහතා උනන්දු විය.
මේ ප්‍රදේශයේ සෑම වැවක් අසබඩම පුරාවස්‌තු රැසකි. දළදා වහන්සේ වැඩම කළ ගමන් මාර්ගය නිසා නෙදුන්කර්නි සිට සෑම තැනකම හමුවන පුරාණ ඓතිහාසික සිද්ධස්‌ථාන අපගේ පහන් සංවේගයට හේතු වෙයි. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතවරයාගේ කාර්ය සාධක බළකාය මේ පදිංචි කිරීම් භාරව සිටියද එහි සිටි නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා කැලෑ බෝ ගස් වැව ගම්වාසීන්ට උතුරු පළාත් සභා මැතිවරණයට චන්දය භාවිතා කිරීමට පවා නොලැබුණි. මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් හිතාමතාම තම කටයුතු පමා කරමින් පළාත් සභා චන්දයෙන් මේ සිංහල ජනතාව ඉවත් කළ හැටි මතකයට නැගේ. එසේම ඔවුන් ගේ ඉඩම් වලට අවශ්‍ය බලපත්‍ර හෝ ඔප්පු ලාබ දීමටද උනන්දු නොවුණ§. සිංහලයන් ගේ තත්ත්වය එයයි.
අද නැගෙනහිර පළාතේ ඉඩම් කොල්ලය මීටත් වඩා සහාසික අන්දමින් ක්‍රියාත්මක වේ.එහි බහුතර ජනගහනය මුස්‌ලිම් සහ දෙමළ වන්නේ ලන්දේසීන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගෙන් අත්පත් කර ගත් ගව්වක බිම් තීරුවට එම පළාත් අයත් වන බැවිනි. ඉංග්‍රීසීන් ගේ යුගයේ දී විවෘත කරන ලද ස්‌වදේශික පාසල් තුළ ප්‍රධාන බස වූයේ දෙමළයි. ඒ නිසා මේ පාසල් තුළ ගාල් කරන ලද කවරෙක් වුවත් තමන්ගේ ප්‍රධාන බස කර ගත්තේ දෙමළයි. මුහුදුකරයේ සිටි වැදි දරුවන්ද මේ පාසල් වලට ගාල් කරලීමෙන් සිදුවූයේ වැදිබස මෙන්ම සිංහල බස ද අතහැර ඔවුන් දෙමළ බවට පත් වීමයි. මෙලෙස ද්‍රවිඩීකරණය වූ වැදිපවුල් පන්දහසක් පමණ අදටත් වාකරේ ඇතුළු නැගෙනහිර ප්‍රදේශ වල ජීවත් වන බව සොයා ගෙන තිබේ. විසිවන සියවසේ මුල් භාගයේදී මේ ප්‍රදේශ වලට වෙළෙඳාමේ පැමිණි දකුණේ මිනිසුන් නිසා කඩපිල් ගඩොල් පෝරණු මෙන්ම බේකරි කර්මාන්තයත් දියුණු විය. දකුණේ සිංහලයන් ඉඩම් අස්‌වද්දමින් ඇතැම් විට බදු පදනමින් ඉඩම් වල සිටිමින් ක්‍රමයෙන් නැගෙනහිර ජනාවාස කළ නමුත් 1987 වර්ෂයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු පසුගිය තිස් වසරක කාලයේදී කොටි ත්‍රස්‌තයන් විසින් කරන ලද ආරෝවන් නිසා ඔවුන් නැවතත් පොළොන්නරුව, අනුරාධපුර මෙන්ම නැවත දකුණටත් සංක්‍රමණය වූ බව පැහැදිළිය. යුද්ධය නිමා වීමෙන් පසු ඔවුහු නැවතත් තමන්ගේ සුපුරුදු වෙළහෙළ¹ම් සඳහා නැගෙනහිරට පැමිණියද ඒ ඉඩම් ඔවුන්ට යළි ලැබී නැත. නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය යටතේ ඇති ප්‍රතිපාදන මත මේ සිංහලයන් නැවතත් පදිංචි ට ගියද ඇතැම් ඉඩම් වලට ව්‍යාජ ඔප්පු ලියා අත්පත් කර ගෙන තිබුණි. මේ ඊට උදාහරණ දෙකකි.
එක ඉඩමක් මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කොරළේපත්තු මිරාවෝඩේහි පිහිටි පොරුක්‌කම් මුම්මාරි කුඹුරයි. එය අක්‌කර 51 යී රූඩ් 03 පර්චර්ස් 5 ක් තිබෙන පුණ්‍යදාස සිල්වා මහතාට අයත්ව තිබූවක්. නමුත් කලබල සමයේ අවතැන් වීමෙන් පසු මේ ඉඩම මීරා ලෙබ්බේ ආදම්බාවා නම් මුසල්මානයෙක් බද්දට ගෙන පසුව ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇත. 2007 වර්ෂයේ සිට මෙම ඉඩමේ අයිතිය පිණිස වාලච්ෙච්න උසාවියේ නඩුවක් ඇත. එහෙත් එය ඇහෙන්නේ දෙමළ බසිනි. හිටපු ආරක්‌ෂක ලේකම් ඇතුළු වගකිවයුත්තන්ට මේ ගැන දැන්වූ බව දැන ගන්නට තිබුණ ද සිංහල අයිතිය තහවුරුවට කිසිවක් සිදුවී නැත. එසේම කූඨ ලේඛන සැදූ පුද්ගලයන්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයක්‌ද නැත.
අනෙක් ඉඩම මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කොරළේපත්තුවේම පාලක්‌කාට්‌ටුවෙට්‌ටෙයි තියාවට්‌ටන්හි අක්‌කර 05 ක කුඹුරකි. 1955 වර්ෂයේ දී මඩකලපු කච්ෙච්රිය මගින් අංක 4028 අංකය යටතේ එම්. බී. නිමල් සිල්වා මහතාට මෙම කුඹුර සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ත්‍රස්‌ත කලබල වලින් පසුව අවතැන් වීම නිසා මේ ඉඩම අස්‌වැද්දීම තාවකාලිකව නතර කර තිබුණි. ඒ අතර 2008 වර්ෂයේ දී අහමදු ලෙබ්බේ හප්සා, මුහමදු අසනාර්, මුහමදු වසීම් සදක්‌කු ලෙබ්බේ, මුහමදු අහමදු අසනාර් සහ මුහමදු අසනාර් µdතුම්මා යන මුසල්මානුවන්ට යථොක්‌ත ඉඩම බලපත්‍රයකින් යළි පවරා තිබේ. මේ පුද්ගලයන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට කටයුතු කළ යුතු බවට එවකට සිටි පළාත් ඉඩම් කොමසාරිස් සිරිමෙවන් ධර්මසේන මහතා විසින් ප්‍රාදේශීය ලේකම් වරයාට දන්වා ඇති නමුත් එය මෙතෙක් සිදුවූ බවක් දැන ගන්නට නැත. එරාවුර් වල ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන වෙළෙඳ සංකීර්ණයේ සිංහල කඩ පනස් දෙකක් තිබුණද යුද්ධයෙන් පසු නැවත පදිංචියට යද්දී එහි සිටි ප්‍රාදේශීය සභා සභාපති වරයා සිංහලයන්ට විරුදධව නඩුවක් පවරා ඇත. එම නඩුව තවමත් විභාග වෙයි. අද එහි තිබෙන්නේ එක් සිංහල කඩයක් පමණකි. අනෙක්‌වායේ අනවසර මුස්‌ලිම් කඩ පවත්වා ගෙන යනු ලැබේ. මේ අකාරයට සිංහලයන් කාලයක් තිස්‌සේ භුක්‌ති විදින ලද ඉඩම් සහ වානිජ දේපළ මුසල්මානුවන්ට සහ දෙමළ ජනතාවට අත්පත් කර ගැනීමට අවශ්‍ය කූඨ ලේඛන සාදා දීමට නැගෙනහිර පළාතේ දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සිටින නිලධාරීන් ගෙන් ලැබෙන සහාය අපමණය. මේ පිළිබඳව නඩු මාර්ගයට පැමිණියත් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරෙන ජාතිවාදී විනිශ්චයන් නිසා සිංහල ජනතාවගේ උරුමය ශෝචනීය ඉරණමකට ලක්‌ව ඇත. මේ පළාත් නියෝජනය කරන සිංහල දේශපාලකයන්ද මේ කරුණු අධ්‍යයනය නොකරති. එසේම ඔවුන් ගේ ද සහාය ලැබෙන්නේ අන්‍ය ජන වර්ග වලට බව පැහැදිළිය.
බලය බෙදීමට අකමැති අය ගෝත්‍රිකයන් බව දේශපාලන පිටියේදී අසන්නට ලැබුණි. මේ සිද්ධිදාමයෙන් පැහැදිලි වන්නේ ගෝත්‍රිකයන් කවරෙක්‌ද යන්නයි. ගෝත්‍රිකත්වය පිටුදැක සංහිඳියාව තහවුරු කළ හැක්‌කේ වර්ගවාදී ලෙස බලය බෙදීමෙන් හෝ කොල්ල කන්නට ඉඩ දීමෙන් නොවන බව දැන්වත් මේ දේශපාලකයන් වටහා ගත යුතුය.
මතුගම සෙනෙවිරුවන්