Colombo Today Local News

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

mithrepala 23දුම්වැටි බදු සහ මිල ඉහළ දැමීමත් සමග ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය 45%කින් පහත වැටී ඇතැයි එම සමාගම සඳහන් කළේය.

රට තුළ දුම්වැටි භාවිතය අවම කිරීම, දුම්පානය මගින් රෝගී වන පුද්ගලයන් වෙනුවෙන් වැය කරන මුදල අඩු කිරීම සහ දුම්වැටි භාවිතය නිසා සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව අඩු කිරීම යන කරුණු දුම්වැටි මිල ඉහළ දැමීමේ ප්‍රධාන අරමුණ වූ අතර, රජයේ බදු ආදායම වැඩි කරගැනීමද මෙහි එක් අවශ්‍යතාවක් විය.

දුම්වැටියට වැට් බදු එකතු කිරීමත් සමග දුම්වැටි අලෙවිය තවදුරටත් පහළ යමින් තිබෙන බවත්, පසුගිය මාසයේදී ආසන්න වශයෙන් දුම්වැටි මිලියන 150කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී තිබෙන බවද දුම්කොළ සමාගම පවසයි.

එසේම මිල ඉහළ දැමීමට සාපේක්ෂව අලෙවිය පහළ යෑම හරහා රජයට මාසිකව ලබාදුන් බිලියන 08කට ආසන්න බදු මුදල රුපියල් බිලියන 4.2 ක් දක්වා පහත වැටී තිබෙන බව දුම්කොළ සමාගම පෙන්වා දෙයි.

ඔවුන් පවසන පරිදි මේ වසරේ පළමු මාස 09 තුළ සෑම මාසයකදීම ආසන්න වශයෙන් දුම්වැටි මිලියන 330 ක ප්‍රමාණයක් අලෙවිකර තිබෙන අතර, එම සමාගම රජයට පළමු මාස 09 තුළදී රුපියල් බිලියන 75 ක බදු ආදායමක් ලබා දී තිබේ.

එහෙත් දුම්වැටියක් රුපියල් 07කින් ඉහළ දැමීමට කටයුතු කළ ඔක්තෝබර් මාසයේදී දුම්වැටි අලෙවිය මිලියන 150 ක් දක්වා පහත වැටී බදු ගෙවීම රුපියල් බිලියන 4.2 ක් දක්වා පහත වැටී තිබේ. පසුගිය වසරේදී දුම්කොළ සමාගම රජයට රුපියල් බිලියන 92 ක බදු ආදායමක් ලබා දී තිබෙන බවත්, මේ අනුව මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 05කින් අඩුවන බවත් එම සමාගම තවදුරටත් පෙන්වා දෙයි.

දුම්වැටි සඳහා වැට් බද්ද එකතු වීමත් සමග දුම්වැටි සඳහා ආසියාවේ දෙවැනි ඉහළම මිල අය කරන රට බවටද ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආසියාවේ ඉහළම දුම්වැටි මිල පවතින්නේ සිංගප්පූරුවේය.

මෙම දත්ත අනුව පසුගිය මාස දෙකක කාලයේ දී දුම්වැටි භාවිතය සුවිශේෂ ආකාරයෙන් අඩු වී තිබෙන අතර, පසුගිය වසරට සාපේක්ෂව රජය අපේක්ෂිත බදු ආදායම අඩුව ඇති බවද පෙනෙන්නට තිබේ. දුම්වැටි නිසා රජයට ලැබෙන ආදායම අඩු වුවද දුම්වැටි භාවිතය නිසා රෝගීවන ජනතාවට රෝහල් පහසුකම් හා ඖෂධ සැපයීම සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන බව දුම්වැටි මිල වැඩි කිරීමේ දී රජය පෙන්වා දුන්නේය.

Related posts

ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවා

Admin

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අද අවසන් ගමන් යයි.

colombotoday