Colombo Today Local News

දකුණේදී ඇල්ලූ පාතාල කොටියාට කිරි පෙවූ ඇමති සුදාලා ‍හෙළිවෙයි.. ඉහළ අණින් පරීක්ෂණ නවතී

පසුගිය 17 වනදා පොලිස් විශේෂ කාර්ය්‍ය බළකාය විසින් ගාල්ලේදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ බව කියන කොටි සන්නද්ධ බලකායේ කොටි සාමාජිකයා පසු ගිය මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකුගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් සේවය කර ඇති බව හෙළිව තිබෙනවා.

මොවුන් දෙදෙනා පසුගිය සමයේ කරුංකා ජාවාරමකට සහ තඹ කන්ටේනරයක් මුදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව විරුද්ධ පාක්ෂිකයන් විසින් “සුදා” යන අන්වර්ත නාමයෙන්ද හැදින් වූ අතර, මේ වන විට රජයේ ප්‍රබල ඇමති ධූර දරන්නන් දෙදෙනෙක් වනවා.

කොටි නායක වේලුපිල්ලේගේ ‍පුද්ගලික ශරීර ආරක්ෂක කණ්ඩායම වූ චාල්ස් ඇන්තනී බළකායේ කටයුතු කළ ස්ටැන්ලි කෙනඩි නමින් හදුනාගෙන ඇති අදාළ ත්‍රස්තවාදියා පසුව දකුණේ පාතාලය සමග එක්ව තිබෙනවා.

පසුගියදා බලපිටිය අධිකරණය ආසන්නයේ දෙදෙනෙකු ඝාතනය කිරිම හා කුඩු සෙල්වි ඝාතනය කිරිමට ද මොහු සම්බන්ධ බවට කරන ලද පරික්ෂණවලදි හෙළිව ඇති අතර මහ මැතිවරණයේ දී කොටහේන ප්‍රදේශයේ දි එක්සත් ජාතික පක්ෂ කාර්ය්‍යලයක් ආසන්නයේ සිදුවු ගැටුමට ද මොහු සම්බන්ධවී ඇතැයි පැවසේ.

අදාළ පාතාල කොටියා ඉහත ඇමතිවරුන් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට හෙළිවීමත් සමග, පරීක්ෂණ නවතා දමන ලෙස බලපෑම් එල්ලවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණ මේ වනවිට අතහැර දමා ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

-ලංකාශ්‍රීනිව්ස්

Related posts

පොල් ගෙඩියෙන් කොමිස් යන්නේ කාටද?

Admin

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

colombotoday

රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ -SJB මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමට අන්තරේ, පෙරටුගාමීන් ඇතුළු සංවිධාන වාසුදේව සමග එක්වේ

colombotoday

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 29ක් අලුත් ආණ්ඩුවකට සහය පලකරයි… කොන්දේසි මෙන්න

colombotoday

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin