Colombo Today Local News

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

mithrepalaදූෂණ, වංචා චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන ආකාරය පක්ෂග්‍රාහී බවට මීට මාස කිහිපයකට ඉහතදී තමන් කළ ප්‍රකාශය යළිත් වරක් අවධාරණය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ටෙන්ඩර් පටිපාටිය ඉතා දූෂිත බවත් කොළඹ පැවති දූෂණ විරෝධී ජාතික සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අල්ලස් සහ වංචා දූෂණ කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය ඇතුළු යහපාලන ආණ්ඩුවේ දූෂණ, වංචා විමර්ශන ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරමින් කොළඹ පදනම් ආයතනයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

ජනාධිපතිවරයා බලයට පත්කිරීමට දායක වූ සිවිල් සමාජ කණ්ඩායම් පවා එම ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක් කළ අතර, ඉන් අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පදවියෙන් ඉල්ලා අස් විය.

එදා කියපු දේ අදත් කියනවා :

එහෙත් තමන් එදා කළ ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව දූෂණ විරෝධී සමුළුව අමතමින් ජනාධිපතිවරයා යළිත් වරක් අවධාරණය කළේය.

“ඒ කතාවේ මම එදා කියපු දේ අදත් කියනවා. අපක්ෂපාතීත්වය පිළිබඳව ප්‍රශ්නය. එක් පිරිසක් පමණක් එල්ල කරගෙන පරීක්ෂණ පැවැත්වීමේ තිබෙන වැරදි ස්වභාවය,” ඔහු පැවසීය.

එසේ ‘එක් පිරිසක් පමණක් ඉලක්ක කර විමර්ශන පැවැත්වීම’ ශ්‍රී ලංකාවේ දූෂණ, වංචා පිටුදැකීම පිණිස කිසිසේත්ම යෝග්‍ය කටයුත්තක නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ටෙන්ඩර් පටිපාටිය දුෂිතයි :

රාජ්‍ය සේවයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව සඳහන් කළ ඔහු, “අමාත්‍යංශ මට්ටමින්, රාජ්‍ය ආයතන මට්ටමින් ගත් විට අපි පැහැදිලිව දන්නවා 50% කට වැඩිය දූෂිතයි ටෙන්ඩර් ක්‍රියාවලිය. තාක්ෂණ ඇගයීම් කමිටු දූෂිතයි,” යනුවෙන් ද පැවසීය.

රාජ්‍ය සේවයේ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී තාක්ෂණ ඇගයීම් කමිටුවට පත්කෙරෙන විශේෂඥයන්, තමන්ට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

(සංදේශය)

Related posts

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

colombotoday

මේ වසරේදී ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

Admin

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday