Colombo Today Local News

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ.

මේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.

මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව වාර්තාවේ.

මින් වැඩිදෙනෙකුට ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ පැවරීමක් හෝ කර නැතැයිද දැනගන්නට ඇත.

මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව ගණන් බලා තිබේ.

පවතින ආර්ථික තත්ත්ව යටතේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ට යම් නිශ්චිත වැඩ පැවරීමක් කර ඔවුන්ගේ සේවය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීමටද රජයේ අවධානය යොමුවී ඇත.

Related posts

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

colombotoday

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන පරීක්ෂණයක්. සුදුළුනු පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. – ඇමති වීරසේකර නියෝග කරයි.

colombotoday

මුහුණු පොතෙන් ජාතිවාදය අවුස්සන අයගේ නාම ලේඛනය රහස් පොලිසියට…

colombotoday