මුදල් නාස්තියක් බවට විවේචන එල්ලවීමෙන් පසුව ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට ඇමති අර්ජුන රණතුංග තීරණය කරන ලදැයි වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද පස්වරුවේ සිදු කිරීමටද නියමිතය. නත්තල් ගස සඳහා වියදම් කරන මුදලින් දිළිඳු ජනතාවට සහනයක් සැලසූවානම් හොඳ යැයිද දැන් හෝ එය නවතා බෝඩ් එකක් ගසා ඒ බව දන්වා ඉතිරි මුදල් සුබසාධනයට යොමු කරන ලෙසද මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.