Colombo Today Local News

උඩුවේ හිමිගේ පන්සලේ උදෑසන ශබ්ද විකාශනය තහනම්… අධිකරණයෙන් නියෝග

uduwe23232කිරුළපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රය සෑම දිනකම උදෑසන 5 සිට 6 දක්වා ක්‍රියා විරහිත කර තබන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (06)කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළාය.

ලබන 16 දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට සිතාසි නිකුත් කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරයි එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

ඇලන් මැතිනියාරාමයේ උදෑසන 5 සිට 6 දක්වා කාලය අතරතුරු දිනපතා ශබ්ද විකාශන ඔස්සේ පිරිද් දේශනයක් විකාශය වන අතර, එම ශබ්දය තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට දැඩි ශාරීරික හා මානසික පීඩාවන් ඇතිවන බව පෙන්වා දෙමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු හය දෙනෙක් සහ පරිසර යුක්ති කෙන්ද්‍රය පවරා තිබූ නඩුවක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වගන්තිය යටතේ එම නඩුව පවරා තිබිණි.

Related posts

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

හාමුදුරුවෝ Missing… Night watchman උපවාසයේ !

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

colombotoday