Colombo Today Local News

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

23596545454උතුරු නැගෙනහිර පළාත් වලින් බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන ලෙස බලකරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයෙ මෙහෙයවීමෙන් හෙට (07) දින මඩකලපුව නගරයේදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ද තම ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් තබා තිබෙනවා.

සැදැහැති බෞද්ධ පිංවතුණි,

මඩකලපුව තුල 2016.12.07 වන හෙට දින දෙමළ ජාතික සංවිධානය විසින් දැවැන්ත උද්ඝෝශන ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව දැනගන්නට ඇත. ඒ වෙනුවෙන් දැනටමත් සියල්ල ප්‍රසිද්ධියේ සූදානම් වෙමින් පවතී. ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ මෙම ප්‍රදේශ වල ඇති විහාරස්ථාන ඉවත් කිරමේ අමානුශවාදී ඉල්ලීම්ය.

ජාතියක් ලෙස අපගේ ඉල්ලීම වූයේ බෞද්ධ රට තුල විනාශ වන බෞද්ධ උරුමයන් ආරක්ෂා කර දෙන ලෙසටය. පාලකයින් 2016.12.03 වන දින ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකර මහා සංඝරත්තනය වෙනුවෙන් සකස් කල දානය පිළිගැන්වීමට හෝ ඉඩ දුන්නේ නැත. හෙට දිනයේ ටී.එන්.ඒ සංවිධානය විසින් පවත්වන ජාතිවාදී ක්‍රියාව වෙනුවෙන් පාලකයින් ගන්නා පියවර පිළිබදව රටම අවදියෙන් සිටිනා බව පාලකයින් මතක තබා ගත යුතුය.

බෞද්ධයින්, අභිමානවත් ජාතියක් ලෙස බෞද්ධ දර්ශණය වටා පෙළ ගැසැමින්, ගම තුල මහා සංඝරත්තනනය පෙරටු කරගනිමින්, තම ප්‍රෙද්ශයේ ධර්ම ආසනය අවදි කරීමට ක්‍රියා කළ යුතුය. එහි ප්‍රධානත්වය ගැනීමේ ජාතික වගකීම පැවරී ඇත්තේ මහාසංඝරත්නයට බවද මේ මොහෙතේ වැදනමස්කාර පූරකව සිහිපත් කරමි. ඒ තුලින් සියළු බෞද්ධයන් අතර සමගිය වර්ධනය කරමින් ජාතියක් ලෙස නැගිටින්නට කටයුතු නොකරන තුරු සිංහල ජාතියට රටක් ඉතිරි නොවන බවද සියළුදෙනා අවධාරණය කර ගත යුතුය.

තෙරුවන් සරණයි !

Related posts

නව ව්‍යාවස්ථා කෙටුම්පත තවම නැතත් හදන්න කෝටි තුනක් වැය කරලා

Admin

උපන් බිමට විණ කටින, ආත්ම ගරුත්වයත් ඩොලරයට විකිණූ ‘අවජාතක පුත්‍රයන්ගේ‘ කතා වස්තුව !

colombotoday

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)

colombotoday

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday