Colombo Today Local News

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

prsbnk23ඉට්කා ඇතුළු වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ අරමුෙණන් ජනාධිපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක් ඇති කිරීමට හා නිලධාරීවරයෙකු පත් කිරීම සඳහා විශේෂ පනතක් ගැසට් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත්, පත් කිරීමට නියමිත ඇමතිවරයාට හා නිලධාරියාට අතිවිශේෂ බලතල ලබාදීමට නියමිත බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

ඊයේ (05දා) පැවැති මාධය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති බලතල ඉක්මවා යන ආකාරයට මෙම පත්කිරීම් සිදුකරන නිසා ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි.

මීට අමතරව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටද ඉල්ලීමක් කළ බවත් ඔහු පවසා සිටියේය.

පිහිටුවීමට නියමිත නව අමාත්‍යාංශයට කැබිනට් මණ්ඩලයේ සාමූහික බලතල සියල්ල, රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සතු බලතල සහ BOI වැනි ආයතනවල බලතලද මෙම ගැසට් නිවේදනයෙන් ලබාදීම සඳහා සැලසුම් කර ඇතැයිද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

Related posts

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශයෙන් අවසර

colombotoday

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday