World

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් | උද්ඝෝෂකයින්ට වෙඩි ප්‍රහාර

සුඩානයේ හමුදා කුමන්ත්‍රණය අතරතුර සිදුවූ විරෝධතාවලදී පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ.

හමුදා සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුමන්ත්‍රණයකින් සුඩානයේ පාලන බලය අත්පත් කරගත් හමුදාව, පැවති සිවිල් රජය විසුරුවාහැරීමත් සමග ජනතාව වීථිවලට අවතීර්ණ විය.

කාර්ටුම් අගනුවර වීථි අවහිර කරමින් සහ ටයර් ගිනිතබමින් විරෝධතා සිදුකර ඇත.

විරෝධතාකරුවන් විසුරුවාහැරීමට හමුදාව වෙඩි තබා ඇති බබව විදෙස් වාර්තා පවසයි.

හමුදා සාමාජිකයන් ගෙයින් ගෙට ගොස් විරෝධතා සංවිධාන කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සුඩාන හමුදා කුමන්ත්‍රණය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, එය මුල් කරගෙන අමෙරිකාව සුඩානයට ලබාදෙන ඩොලර් මිලියන 700ක ආධාර මුදලක්ද අත්හිටුවා ඇති බව සඳහන් වේ.

Related posts

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

colombotoday

නැංගුරම් දමා තිබූ නැවක පිපිරීමක් (වීඩියෝ)

colombotoday

කොවිඩ් එන්නත ලබා ගත් පසු ඔබෙත් ඔසප් චක්‍රයේ වෙනසක් උනාද? නව අධ්‍යයන කිහිපයකින් තහවුරු වූ දේ මෙන්න

colombotoday

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

colombotoday

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

colombotoday

රිය අනතුරකින් පුද්ගලයින් 53ක් මරුට

colombotoday