Colombo Today Sports News

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ (25)දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.

“ඒක දැන් ආයෙත් සැරයක් චමින්ද වාස්ගෙන්ම ෆිල් වෙලා තියෙනවා. අපි ආයෙත් චමින්ද වාස් මහතාව අරගෙන තියෙනවා. තව දවස් දෙක තුනකින් ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට යන්න ඕනේ. ඒකට මීට වැඩිය හොඳ කමිටුවක් අපිට හමුවෙලාම නෑ. හම්බවෙන්නෙත් නෑ. අරවින්ද, රොෂාන් මහානාම, මුරලි, සංගා, මහේල මේ ඔක්කොම එකතුවෙලා තමයි මේකේ තීරණ අරගෙන අපිත් සමග සාකච්ඡා කරලා සුහදව කරගෙන යන්නෙ. ඒකෙ කිසිම ගැටලුවක් නෑ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස මීට පෙරද චමින්ද වාස් කටයුතු කළ අතර ඉකුත් පෙබරවාරි මස සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඔහු කටයුතුකර තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර චමින්ද වාස් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණි.

ගෙවීම් පිළිබඳව ඇතිවූ මතගැටුමක් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබූ බවද එහිදී වාර්තා විය.

Related posts

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

“ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න මට බැහැ – IPL තරග කිහිපයක් හරි ගහනවා” – ලසිත් මාලිංග

colombotoday

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

colombotoday

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

ගොවීන්ට නොමිලේ යූරියා පොහොර ලබාදීම ඇරඹේ

Admin