මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ ඊයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ආගමික වැඩසටහනකට සහභාගී වීමට එහි යමින් සිටි බෞද්ධ සංවිධානවලට පොලීසිය විසින් බාධා කිරීම සහ මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට තර්ජණය කරමින් කොටි හිතවාදීන් විසින් ඇති කරන්නට සූදානම් වූ කළහකාරී තත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
සංහිදියාව යැයි පවසමින් ආණ්ඩුව බෙදුම්වාදී බලවේගවලට රිසි සේ ක්‍රියාත්මක වන්නට ඉඩහැරීමේ ප්‍රතිඵලය ඊයේ දිනයේදී සජීවීව දැකගැනීමට හැකිවූ බවත්, නව ව්‍යවස්ථාවෙන් යෝජිත පරිදි උතුරු නැගෙනහිර අන්ත වර්ගවාදී ජාතිවාදීන් අතට අසීමිත බලතල ලබා දුන්නොත් රට කෑලිවලට කැඩී, සිංහල බෞද්ධ ජනතාවට උතුරු නැගෙනහිර පය තැබීමටවත් නොහැකි තත්වයක් උදාවන බවද උන්වහන්සේ පවසයි.
ඥාණසාර හිමියන් දැක්වූ අදහස් – වීඩියෝව පහතින්
[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1279075125445845/” width=”500″ height=”400″ onlyvideo=”1″]
වීඩියෝ දර්ශන – බොදු බල සේනා මාධ්‍ය ඒකකයෙන්