Colombo Today Local News

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන් අද (26)දින අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ.

නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

පෙත්සමේ උත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ හා කැබිනට් මන්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, වෙස්ට්කෝස්ට් පවර් පුද්ගලික සමාගම, ලක්දනවි සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ඇතුළු 43 දෙනෙකු නම්කර සිටිති.

කැබිනට් මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන වැන්ඩාමුස් රිට් ආඥාවක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday

අකිලගෙන් අධ්‍යාපනය ගැලවෙයි.. රාජිත සෞඛ්‍යම ඉල්ලයි.. බුද්ධිකටත් නි.ඇමතිකමක් !

colombotoday

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

colombotoday

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday

හුසේන්ලාට අමතක වූ, සංහිදියාවේ නාමයෙන් යටපත් කරන්න හදන “ලයන් එයාර්“ යුධ අපරාධය

colombotoday

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

Admin