Colombo Today Local News

අකිලගෙන් අධ්‍යාපනය ගැලවෙයි.. රාජිත සෞඛ්‍යම ඉල්ලයි.. බුද්ධිකටත් නි.ඇමතිකමක් !

ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව අමාත්‍යවරුන් සහ දැනට අමාත්‍ය ධුර දරන ඇමතිවරු කිහිප දෙනෙකුගේ විෂය පථය වෙනස් වීමට නියමිත බවට දේශපාලන ආරංචි මර්ග පවසනවා.

ඒ අනුව අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අධ්‍යාපන අමාත්‍ය ධුරය ඉවත් කර වෙනත් අමාත්‍යාංශයක් ලබාදීමට නියමිත බව පැවසෙන අතර, රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයම තමන්ට ලබා දෙන්නැයි අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බවද පැවසෙනවා.

මේ අතර පසුගිය සමයේ නිරන්තරවය කැපිලි කෙටිලි වලට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාටද නියෝජ්‍ය අමාත්‍යධුරයක් ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.

එමෙන්ම විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහි වූ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 16 දෙනා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ධුර ආණ්ඩුව සමග තවදුරටත් රැදී සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ටම ලබා දිමට තීරණය වී ඇති බව සදහන් වනවා.

Related posts

ඊයේ රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්…

colombotoday

“සජිත්ගේ ගොන් කතා” දෙවන වටය ඇරඹුණා.. දැන් නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්

colombotoday

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල්පර්වත සමග පස් කන්දක් වැටෙයි

Admin

කුලියාපිටිය බිංගිරිය දුම්මලසූරිය හා හෙට්ටිපොළට නැවතත් ඇඳිරි නීතිය

colombotoday