Colombo Today Local News

සිරකරුවන් 260කට විශේෂ රාජ්‍ය සමාව | ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 53කුත් ඒ අතර

2021-05-26 දිනට යෙදෙන ජාතික වෙසක් උත්සවය නිමිති කොට ගෙන අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ තෝරාගත් වගන්ති කිහිපයක් යටතේ චෝදනාවන් ලැබ වැරදිකරු වී දඩුවම් නියමව 2021.05.07 වන දින වන විට සිරඳඩුවම් විඳිමින් බන්ධනාගාරගතව සිටි සිරකරුවන් සඳහා පොදු සමාවක් 2021-05-26 දිනට යෙදෙන ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇත.

1). 2021-05-07 වන දින වනවිට බන්ධනාගාර ගතව සිර දඬුවම් විඳින සිරකරුවන් හට තමන් ගෙවන ලද සිරදඬුවමෙන් වසරක් හෝ ඉන් කොටසක් ගතකර ඇත්නම් ඉදිරියට ගෙවීමට ඇති සිරදඬුවමෙන් මාස එක බැගින් සිරදඩුවම අඩු කිරීම.

2). 2021-05-07 වන දිනට දඩමුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කර නිදහස් කිරීම.

3). 2021-05-07 දින වන විට වයස අවුරුදු 65 ඉක්මවූ, සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවන් අතරින් සිරකරුට නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරියට ගෙවීමට ඇති දඩුවම් කාලය අහෝසි කර නිදහස් කිරීම.

4). 2021-05-07 වන දින වන විට ජීවිතාන්ත සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවන්ගේ ජීවිතාන්ත සිර දඬුවම වසර 25 ක් බවට පත්කර එම වසර 25ක සිර දඩුවම ජීවිතාන්ත සිර දඩුවමට ලක්වූ දින සිට බන්ධනාගාර සාමාන්ය සමාව ගණනය කිරිමේ දී නිදහස් දිනය ඉක්මවා ගිය සිරකරුවන් නිදහස් කිරීම.

මෙම සමාවන් හිමිවන සිරකරුවන් 2021.05.26 දින නිදහස් කිරීමේ දී අනුගමනය කලයුතු සෞඛ්ය මාර්ගෝපදේශ හා වෛද්‍ය නිර්දේශයන්ට අනුව ඔවුන් නිදහස් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත.

Related posts

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

colombotoday

සැලසුම්ගත ලෙස මගඩිය සිදුකළ හැටි හෙළිවෙයි.. කවුරුත් නොකරපු වැඩකුත් අර්ජුන් කරලා

colombotoday

“පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා“ – ඇමති ඉරාන්

colombotoday

BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයි

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday