Covid 19

තවත් කොරෝනා මරණ 26ක්. මාස තුනක බිළිදෙකුත් ඒ අතර | ආසදිතයින් 128,530ක් දක්වා ඉහළට

තවත් කොරොනා මරණ 26 ක් ඊයේ(10) රාත්‍රියේ වාර්තා විය.

එම මරණ පසුගිය 03 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මියගිය පුද්ගලයින් අතර මාස 03ක බිළිඳියක් , කාන්තාවන් 11 හා පිරිමි පුද්ගලයින් 14 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

ඔවුන් අවුරුදු 36 සිට 91 දක්වා වයස්වල පසුවූවන් වේ.

ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයින් 2,573 දෙනෙකු ඊයේ දිනයේ දී හදුනා ගැනුණි.

ඒ සමග මෙරට සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 128,530ක් දක්වා ඉහළ ගියේය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොරොනා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 105,611 කි.

Related posts

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

නව ආසාදිතයින් 305ක්

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday