Colombo Today Local News

ව්‍යාජ ඩොලර් මුද්‍රණයේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමේ ජාවාරමකට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය සහ විශේෂිත කඩදාසි වර්ගයක් මෙරටට ආනයන කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කන්තලේ සහ අනුරාධපුර පොලිස් ස්ථාන මගින් පසුගිය කාලයේ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඩොලර් සියයේ නෝට්ටු 327ක් සොයා ගෙන තිබුණි.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරඇති අතර එම මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රය සහ විශේෂිත වූ කඩදාසි වර්ගය මෙරටට ආනයනය කළ පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (25)දින අනුරාධපුර ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

ඔහු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

colombotoday

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

colombotoday

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

ඩොලර් නැතිව මුදාගැනීමට නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ

colombotoday

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

colombotoday