Colombo Today Local News

රටපුරා විහාරස්ථාන හරහා ව්‍යවස්ථාවට ජනමතය දිනාගන්න මෙහෙයුමක් සිරිතොතෙන් ඇරඹේ !

ghyt125232

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතා කැමැත්ත ලබා ගැනීම සදහා පැවැත්වීමට නියමිත ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම සදහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී එහි පළමු වටයේ සාකච්ඡාව සිදුකර තිබෙන අතර ඒ සදහා එජාපය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේ.

ගම් මට්ටමෙන් පන්සල් හා විහාරස්ථානවලට ගොස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා දැනුවත් කර ඒ හරහා ජනමතවිචාරණයේදී සිංහල බෞද්ධ ජනතාවගේ සහය ලබා ගැනීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කරන ලෙසද අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදීද ඊයේ මේ පිළිබදව සාකච්ඡා කර තිබෙන අතර, පවතින ව්‍යස්ථාවේ ඇති “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ වෙනසක් නොකරන්නේය යන කරුණ මූලික කරගෙන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් භික්ෂූන්වහන්සේලා අතර යහපත් ආකල්පයක් ගොඩනැමට කටයුතු කළයුතු බවට එහිදී කතාබහට ලක්ව ඇත. එමෙන්ම විහාරස්ථානවල පවතින අඩුපාඩු සහ භික්ෂූන්වහන්සේලාගේ අවශ්‍යතාවන් සොයා බලා ඒවාට පිළියම් යෙදීමටත්, සංවර්ධන කටයුතු සදහා පුද්ගලික මට්ටමින් මෙන්ම රජය මැදිහත්ව ප්‍රතිපාදන වෙන්කර දීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසද සාකච්ඡාවී ඇති බව සිරිකොත ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

colombotoday

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

colombotoday

අංගමැඩිල්ල වනෝද්‍යානයේ අලි පැටවකුගේ හිසට වෙඩි වදී.

colombotoday

ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට මහින්දානන්ද කියයි

colombotoday

ගාලුමුවදොර නත්තල් ගහ ලොව උසම එක නොවේ.. කතෝලික සංවිධානයකින් නිවේදනයක්

colombotoday