Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බව පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අද සඳහන් කළේය.

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පතිවරයා පවසයි.

එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පතිවරයා සඳහන් කරයි.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවය.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාව ට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවද පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 723 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් 311 දෙනෙකු රඳවා ගෙන සිටින බවත් පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

මේ අතර විශ්ලේෂණයට ලක්කර ඇති දුරකථන ඇමතුම් සංඛ්‍යාව 100,000 කි.

Related posts

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

යහපාලනයෙන් නීතියේ ආධිපත්‍ය වලපල්ලට – ජෙෂ්ඨයා වෙනුවට කනිෂ්ඨයා ශ්‍රේෂ්ඨාධිකරණයට?

colombotoday

රටම බලා සිටි ‘Neverska Lady’ ශ්‍රී ලංකා මුහුදු සීමාවට සේන්දු වෙයි..

colombotoday

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

colombotoday

නෙළුවේදී වෑන් දෙකක් ගැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

Admin

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday