Colombo Today Local NewsNew Constitution

“වෙනස විශ්මයජනකයි.. ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට සියළු ක්‍රියාමාර්ග ගෙන අවසන්“ සම්බන්ධන්

sambandha8952නව ව්‍යවස්ථාව 2017 වසරේ මුල් භාගයේදී සම්මත කරගැනීමට හැකිවනු ඇති බවත්, ඒ සදහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

පසුගිය 28 වනදා ඔහුගේ නිවසේ පැවති දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාඛාවේ විශේෂ සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු නොවූ ආකාරයේ දේශපාලන වෙනසක් මෙරට තුළ සිදුවූ බවත්, මෙරට මහජාතික ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලනඥයන් අතරද විශාල වෙනසක් සිදුව ඇති බවත් විපක්ෂනායකවරයා එහිදී සදහන් කළේය. එම අවස්ථාව පැහැරහැරීමට නොහැකි බව අවධාරණය කළ විපක්ෂනායකවරයා ආණ්ඩු පෙරළියෙන් පසුව මෙරට ඇතිවූ තත්ත්වය හැදින්වූයේ “අපව මවිතයට පත්කරන වෙනසක්“ ලෙසිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාලව වැදගත් කරුණු තුනක් සම්බන්ධයෙන් දැඩිව සාකච්ඡාවට බදුන් වන බවත් ඒ පිළිබදව තවමත් අවසන් තීරණය ගෙන නොමැති වුවත්, මේ වසර අවසානයට පෙර ජනවාර්ගික අර්බුදයට ස්ථීර විසදුමක් ගෙන ඒමට හැකිවන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දේශපාලන විසදුම් ගෙන ඒම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වන බවත් ඒ සඳහා මුස්ලිම් පාර්ශ්වයත් දෙමළ පාර්ශ්වයත් සාකච්ඡා කර අවබෝධයක් ඇතිකර ගතයුතු බවත් හෙතෙම පැවසීය.

Related posts

මේක විකාරයක්වත් පිස්සුවක්වත් නෙවෙයි, මෛතී‍්‍ර – ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණයේ ඇත්ත මෙන්න

colombotoday

නෙත් පුවත් වෙබ් අඩවි වෙත පිවිසීම SLT සහ මොබිටෙල් අවහිර කරලා

colombotoday

භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු දීමනා ගෙවීම අත්හිටුවයි

Admin

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

Admin

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin