Colombo Today Local News

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

ayaweya-doc2017 අයවැය යෝජනාවලියේ කරුණු කිහිපයක් මුල්කරගනිමින් අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ තෝරාගත් රෝහල් කිහිපයක හැර අනෙක් සියලුම රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අහිමි කිරීම, වෘත්තීයවේදීන් ඇතුළු රජයේ සේවක වැටුප්, දීමනා හා ප්‍රධාන රැකියාවන් පසු කරන රැකියාවන් අධික බදුවලට යටත් කිරීම, දුම්කොළ නිවාරණය සඳහා දුම්කොළ සමාගම්වලින් ජනාධිපති අරමුදලට මුදල් ප්‍රදාන ලබාගැනීම, රෝහල් පුද්ගලික අංශයට විවෘත කිරීම, රෝගීන්ට බිලක්‌ නියම කිරීම, සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමවේදයක්‌ හඳුන්වාදීම, මෙරට රැකියා සඳහා පැමිණීමට විදේශිකයන්ට අවසර දීම මගින් එට්‌කා ගිවිසුම හොර පාරෙන් ක්‍රියාත්මක කිරීම වැනි කරුණුවලට එරෙහිව මෙම වැඩවර්ජනය අද දවසේ ක්‍රියාත්මක කෙරේ.

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණොත් මෙම වැඩවර්ජනය ඉදිරියේදී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දක්‌වා ව්‍යාප්ත කරන බව ද ඒ සඳහා සෙසු වෘත්තීය සමිති ද එක්‌කර ගන්නා බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

Related posts

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් ගැසට් කරනවා – නීතිපති අධිකරණයට දන්වයි

colombotoday

මම විශ්‍රාම යන්නේ නෑ. – කටකතා ගැන අගමැති මහින්ද කියයි.

colombotoday

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

colombotoday

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

සියළුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

colombotoday