Colombo Today Local News

කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු දෙනා සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් සිය මාසයක වැටුප රජයේ කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින කොවිඩ්-19 තත්ත්වය සහ රටේ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය දරන දැඩි ප්‍රයත්නය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පියවර ගෙන ඇත.

ඒ මෙම තීරණාත්මක අවස්ථාවේ දී සංකේතාත්මක දායකත්වයක් ලෙස සිය අගෝස්තු මාසයේ මාසික වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරන බවද ‌කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

අගෝස්තු මාසය සඳහා වන සිය වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන්ට ද ඉකුත් දා යෝජනාවක් කළේය.

Related posts

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

colombotoday

ශ‍්‍රී ලංකාව කොරෝනා තුරන් කල පලමු රට වෙයි… චීන කතට සම්පූර්ණ සුවයි..!

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

colombotoday

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday