ප්‍රකාශයක් ලබා දීමට පැමීණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කරුණා අම්මාන් අමාත්‍ය ධූරය දැරූ සමයේ භාවිත කළ වාහනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව මෙසේ අද (29) දිනයේ කැඳවා තිබුණි.
ඔහු එම වාහනය නැවත රජයට භාර දී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
කරුණා අම්මාන්ව අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ය.