Colombo Today Local News

සෞදි ආර්ථිකයට සැර පහරක් වදී.. සෞදියේ ශ්‍රි ලාංකිකයන්ටත් බරපතලයි !

saudi arabia 23සෞදි අරාබියට බලපා ඇති ආර්ථික අර්බුදයත් සමග කර්මාන්තශාලාවල සේවය කරන විදෙස් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීමේ ප්‍රවණතාවයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ලාංකික ශ්‍රමිකයන් සේවය කරන කර්මාන්තශාලා දෙකක් මේ වනවිට මෙම අර්බුදයට මුහුණ පා ඇතැයිද සෞදියේ රියාද් හි සාඩ් සමාගමේ සේවය කළ ලාංකිකයන් 12 දෙනකුට හා රියාද් හී පිහිටි සෞදි ඕජර් සමාගමේ ශ‍්‍රි ලංකා ශ‍්‍රමිකයින් 100ක් පමණ පිරිසක්ට රැකියා අහිමි වී ඇතැයිද එම කාරයංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා කියයි.

ඔවුනට ආහාර ඇතුළු පහසුකම් නොලැබෙන බව වාර්තා වූ බවත් ඒ පිළිබඳ සොයා බලා වහාම ඔවුනට ආහාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය මගින් මුදල් ලබා දීමට පියවර ගෙන ඇති බවත් දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එසේම මෙම සමාගම මගින් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවත් එම කටයුතු අවසන් වූ පසුව මොවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කරයි.

සෞදි අරාබිය බලපා ඇති මෙම ආර්ථිකය තවදුරටත් උත්සන්න වුවහොත් බොරතෙල් බැරලයක මිලද පහත බැසීමේ ඉඩ ඇතැයිද ඒජන්සිවාර්තා සඳහන් කරයි.

Related posts

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

colombotoday

“ප්‍රතිසංවිධානය නාටකයක්..” රනිල් හැරගිය සුදත්ගෙන් තවත් ලිපියක්.. එජාපයේ තවත් රහස් එළියට !

colombotoday

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද සැකකරුවෙක් පැමිණිලි 13කට පසු අල්ලයි

Admin