Colombo Today Local News

මියගිය ව්‍යාපාරිකයෙකුගේ සොහොනට පොලිස් ආරක්ෂාව | බිරිඳ සහ සේවකයා අත්අඩංගුවේ

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ අදාළ ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ සේවකයෙකු ඊයේ (24) දින මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත මීගමුව පොලිසිය ආරම්භ කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ව්‍යාපාරිකයාගේ මරණය සිදු වී ඇත්තේ පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මස 30 වන දින වන අතර ඊට ආසන්න දිනයක එම සිරුර භූමදානය කර ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයාගේ මළ සිරුර නැවත ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද මේ වන විට පොලිසිය කටයුතු කරන බවයි.

අදාළ මෘත ශරීරය භූම දානය කර ඇති මීගමුව බෝලවලාන ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියට මේ වන විට පොලිස් ආරක්ෂාව සපයා ඇති බවත් එම මෘත ශරීරය ගොඩ ගන්නා තුරු පොලිස් ආරක්ෂාව එම ස්ථානයට යොදවන බවත් පොලිසිය සඳහන් කරයි.

Related posts

බුදු පිළිම විනාශ කිරීම රැල්ලට යයි.. උඩුනුවර, යටිනුවරත් බුදු පිළිම කඩා දමයි…

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයි

Admin

“සජිත් ජනාධිපති වුණොත් මෛත්‍රීපාලට අගමැතිකම දෙන්නෑ“ – මරික්කාර්

colombotoday

ඇමති බැසිලුත් සංචාරයකට රට යයි

colombotoday