අද (02) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,568ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 191,809ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා විය.