පක්ෂවලින් එහාට මෙහාට පැනපු අය එක් කර ගනිමින් අච්චාරු ආණ්ඩු නිර්මාණය කලාම , ආණ්ඩුතුල මත ගැටුම් ඇති වන බව , අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි .දෙරණ රූපවාහිනියේ විකාශයවූ “මොකද වුණේ ?” විශේෂාංගය හා එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
රාජපක්ෂවරුන් බේරා ගැනීමට තමන් පෙනී සිටින බවට ඇතැම් මොළේ අමාරු කාරයන් තමාට විවිධ චෝදනාවන් කරමින් සිටින බව ඔහු පැවසීය.
රාජපක්ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් තමාට නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. තමා ආණ්ඩුව තුළ, කොන්වී නොමැති බවත්, තමා තමාගේ වැඩ කටයුතු ඉතා ප්‍රබල ලෙස සිදු කරමින් පවතින බවද විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.