Colombo Today Local News

ජිනීවා යෝජනාව එපා !.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

tmp321යුද අපරාධ චෝදනාව ඇතුළු ජිනීවා යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෙනෙට්‌ සභාවෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය පසුගිය 24 වැනිදා ට්‍රම්ප්ට සහ සෙනෙට්‌ සභිකයන් 16 දෙනකුට ලැබීමට සලස්‌වා තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල්වූයේ හිලරි ක්‌ලින්ටන් සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් බව එම සංදේශයේ දක්‌වා ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනාව ඇතුළත් ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ ස්‌විට්‌සර්ලන්තයේ ඇමරිකානු තානාපතිනි සුසෑන් ලෙවින් ජනවාරි 20 දා සිට ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමකට ලක්‌වී ඇත. මේ අතර වෙනත් රටවල මානව හිමිකම් ඇමරිකාවට වැඩක්‌ නැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම නිසා ඇමරිකානු ඊළාම් ඩයස්‌පෝරාව සහ බ්‍රිතාන්‍ය ඊළාම් ජාලය සලිත වී ඇත. මේ නිසා ඇමරිකාවේ ඊළාම්වාදීන් ටැමිල්ස්‌ ෆෝ ට්‍රම්ප් නමින් අලුත් සංවිධානයක්‌ පිහිටුවා ද්‍රවිඩයන්ට අනුකම්පා කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත.

දිවයින

 

Related posts

සේපාල් අමරසිංහ යලි කූඩුවට

Admin

“වෙනස සැප නෑ.. රටට ඇප නෑ.. අපි ඕවට වග කියන්නෑ” – අනුර දිසානායක

colombotoday

නිවෙස්ගත ප්‍රතිකාර සඳහා එක්වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

Admin

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday