පසුගියදා කොළඹ කොටුවේදී ආබාධිත රණවිරුවන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රංශයේ විදෙස් ගත ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇත
මේ නිසා ප්‍රංශයේ පැරිස් නුවර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන බලධාරී මහේෂ් පීරිස් ඇතුළු දේශප්‍රේමී ලාංකිකයන් ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාඡා හමු වී මෙම ප්‍රහාරයට සිය දැඩි විරෝධය පළ කරන බව රජයේ බලධාරීන්ට සහ ජනාධිපතිතුමන්ට දන්වන ලෙස දන්වමින් සංදේශයක් බාර දී ඇත.
ශ්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්ද යන්න අපි විමසිල්ලෙන් සිටිනවා. මේ ප්‍රහාරයට විධානය දුන් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යෑයි මහේෂ් පීරිස් මහතා පැරීසියේ සිට පැවසීය.