Colombo Today Local News

දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)

tibet2232සිංහල ,බෞද්ධයන් වෙනුවෙන් වටිනා මෙහෙවරක් කල ටිබෙට් ජාතික එස් .මහින්ද හිමියන් අද වැඩසිටියා නම් උන්වහන්සේට අද අත්වන ඉරණම සම්බන්ධයෙන් සගම අනෝමදස්සි ස්වාමින් වහන්සේ නිර්මාණත්මක කවි පෙළකින් මෙසේ පවසා තිබෙනවා.

ඇවිදින් මෙහෙට වෙන දේසෙක ඉපදීලා
රට ජාතියට පණ දෙන්නට කවි ලියලා
ජාති භේද කරනා හින්දම රැදිලා
නිතීය ක්‍රියාකරනවා අද ඉදලා

ජනපති කොමිසමට කවි පොත් අරන් යනු
ලියලා තියන හැම දේවල් පුළුස්සනු
රදවා ගත්ත අයටත් දඩයක් ලියනු
අවුරුදු සීයකට හිරගෙට මොහු යවනු

සිවුරක් දරන් මොණවාද මේ කරන්නේ
දන්පැන් වළදමින් ඕවද කරන්නේ
ටිබෙට් රටින් ඇයි මෙරටට වඩින්නේ
මේ සැම දේම කොමිසමකින් හොයන්නේ

නැතිනම් දමන්නට වරදක් පොලිසියට
බෝතල් දෙකක්වත් දමලා මල්ලකට
මිඩීයා එකට එන්නටදී එතෙන්ට
නඩුවක් දමනු ටිබෙටින් ආ මහින්දට.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1834954153440726/” width=”500″ height=”400″ onlyvideo=”1″]

ටිබෙට් ජාතික එස් .මහින්ද හිමියන් සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ, කවියෙකු සහ ගත් කතු වරයෙකු වන අතර, සිංහල ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කල හිමි නමකී.

තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.

ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත ‘ඔවා මුතු දම වන අතර අවසන් පොත ලෙස ‘ශ්‍රී පාද’ විශ්වාස කෙරෙයි. උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත.

ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති

නිදහසේ දැහැන
නිදහසේ මන්ත්‍රය
ජාතික තොටිල්ල
අද ලක් මවගේ පුත්තු
විදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
සිංහල ජාතිය
ලංකා මාතා
නිදහස

මහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙකුද විය. 1948 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යමය දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී.

(සගම අනෝමදස්සි හිමි )

 

Related posts

පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන්. | ඇමති සරත් වීරසේකරගෙන් සැර කතාවක් සරත් වීරසේකර

colombotoday

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

මිළකල නොහැකි පුල්මුඩේ ඛණිජවැලි නිධිය නොමිළේම ඉන්දියාවට.. ගතමනාවෙන් බාගයක් ඇමති සාක්කුවට

colombotoday

මේක ගොබ්බ ආණ්ඩුවක්… වහා ගෙදර යා යුතුයි – ග්ලයිපොසෙට් තහනම ඉවත්කිරීම නිසා රතන හිමිත උරණ වෙයි

colombotoday

ජාතියකට විශේෂ උවමනා ඉටුකරන වෙලාවක් නෙවෙයි මේක. හිතන්න ඕනි ජිවත් වෙන අය ගැනයි. වැලලෙන්න හදන අයට අගමැතිගෙන් පිළිතුරු

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

Admin