Colombo Today Local News

මන්ත්‍රීන්ට කුලී වාහන සැපයීමේ තීරණය අත්හිටුවයි !

ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්ෂ පහක කුලියට වාහන ලබා ගැනීම සඳහා ආණ්ඩුව ගත් තීරණය අත්හිටුවා ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද (23) මේ බව ප්‍රකාශ කර සිටියේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

කුලියට වාහන සැපයීමේ අදාළ යෝජනාවට එකඟ නොවන බව දන්වමින් ජනාධිපතිවරයා ද නිරීක්ෂණයක් ඉදිරිපත් කර ඇතැයි ගයන්ත කරුණාතිලක ඇමතිවරයා මෙහිදී පැවසීය.

මන්ත්‍රීවරුන් 58 දෙනෙකු වෙනුවෙන් කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබුණි.

මේ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා තුරු අදාළ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනාව ලෙස දැනට ගෙවනු ලබන රුපියල් ලක්ෂ දෙකක මුදල ලබා දීම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

(බිබිසි සංදේශය)

Related posts

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

ඇමති රාජිත තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න රජයේ මුදල් කෝටි 10ක් අවභාවිතා කරලා (Video)

colombotoday

ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුවට කැඳවයි

Admin

රට,දැය,සමය වෙනුවෙන් කැප වූ මහ යතිවරුන් හදිසියේ අපවත් වන අබිරහස කුමක්ද?

colombotoday

මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ සාක්ෂි විමසීම අවසන්

colombotoday

ගෝඨාභය එක්ක ආණ්ඩු හදනවා කියද්දී මට බෙල්ලේ වැල දාගන්න හිතෙනවා – ෆොන්සේකා

colombotoday