Colombo Today Local News

බිස්කට් පැකට්ටුවක් දී පනින්න හැදූ කුඩු ජාවාරම්කරුට වැඩ වරදී

ඉංගිරිය, නම්බපාන කැටකැඩඇල්ල පාලම අසළ මාර්ග බාධකයේ දී හෙරොයින් මත්කුඩු තොගයක්ද සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රෝගී බිරිඳට බෙහෙත් ගෙනයන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඔහු එන ස්ථානයෙන් ගැලවී යාමට උත්සාහ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයකින් මත්කුඩු ප‍්‍රවාහනය කරමින් සිටි එම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු ග‍්‍රෑම් හයකට ආසන්න ප‍්‍රමාණයකුත් ඊට අමතරව වෛද්‍ය වාර්තා අඩංගු ලිපිගොනුවක් සහ බෙහෙත් පෙති පැකට් කිහිපයකුත් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

ඉංගිරිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට නිලධාරීන් නවතන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව සැකකරු එකවරම බිස්කට් පැකට්ටුවක් එම ආරක්ෂක නිලධාරීන් වෙත දිගුකර තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී කුළී පදනම මත මෝටර් රථය ලබාගෙන තිබූ බවත්, හොරණ එගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබේ.

Related posts

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

ශ්‍රී ලංකා රුපියල පහත වැටීමෙන් වාර්තාවක්. රජය බංකොලොත් – කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු කියයි

colombotoday

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසිය ගැන ශ්‍රීලනිපයේ මතය කියයි

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday

2020 ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද !

colombotoday