Colombo Today Local News

චීන රජය ප්‍රාදානය කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (26)දින අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව වාර්තාවේ.

චීන රජයේ ප්‍රදානයක් ලෙස මීට පෙර ද ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හිමිව තිබුණි.

මෙරට චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකර තිබේ.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, චීනය නිෂ්පාදනය කරන සයිනෝවැක් එන්නත මෙරට නිෂ්පාදනය කිරීම සඳහා මේ වනවිට මුලික ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

Related posts

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

Admin

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin

රට පාලනය කරන්නේ ආණ්ඩුවද? පාතාලයද? – ඤාණසාර හිමි

colombotoday

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

අද ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන මෙන්න

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday