“දූෂණ විරෝධී පෙරමුණේ” උපදේශකයකු කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම සංවිධානයෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.
මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුට බරපතල චෝදනාවක් එල්ලවී තිබේ.
ඒ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වා අවසන් නිගමනයකට එනතෙක් ඔහුව සංවිධානයේ කටයුතු වලින් තාවකාලිකව ඉවත්කළ බව එම සංවිධානයේ ප්රධානියකු වෙබ් අඩවියකට පවසා ඇත.
තෙන්නකෝන් මහතා ‘කැෆේ ‘සංවිධානයේ අධ්යක්ෂක ලෙස ද කටයුතු කරයි.