World

බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් නෑ – රුසියානු ඔතර්ඩොක්ස් ප්‍රධානී කිරිල්

kiril1112

බහුසංස්කෘතියකට අනාගතයක් නොමැති බවත්, සංස්කෘතීන් කිහිපයක් එක්කිරීම හෝ ආගම් කිහිපයක් එක්කොට කැලැත්තීම කොක්ටේල් එකකට සමාන කළ හැකි බවත් රුසියාවේ ඕතඩොක්ස් නිකායේ ප්‍රධානී කිරිල් අවධාරණය කරති.

මැදපෙරදිගින් ක්‍රිස්තියානි සම්භයව අතුගා දැමීම, ඇමෙරිකානු ජනාධිපතිවරණය මෙන්ම, යුරෝපය කතා කරන බහුසංස්කෘතිකවාදය ගැන අදහස් දක්වමින් හෙතෙම මෙසේ අවධාරණය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

“ඉරාකයේ කිතුණුවන් මිලියන 1.5ක් ජීවත් වුණා. අද එය 150,000කට අඩුවෙලා. සිරියාවේ මිලියන අඩක් කිතුණුවන් ජීවත් වුණා. අද ඔවුන් සිටි තැනැක්වත් සොයාගන්න බැහැ. එක්කො ඔවුන් මරා දමලා, නැත්නම් රටින් පළා ගිහින්. නමුත්, මැදපෙරදිග යනු කිතුදහමේ උපත හා කිතුණු සංස්කෘතියේ ආරම්භය සිදුවූ ස්ථානය බව අප අමතක නොකළ යුතුයි. මැදපෙරදිගින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට යමෙකු කටයුතු කරන්නේ නම්, ඔවුන් තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් නොතිබිය යුතුයි. මේ ප්‍රශ්නයට මුහුණදීමේදී ඒකාබද්ධ පෙරමුණ එක් අන්තයක, රුසියාව තවත් අන්තයක නොසිටිය යුතුයි. එක්ව ත්‍රස්තවාදයට පිළිතුරු සැපයිය යුතුයි.

තේරීපත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය පිළිබඳ මා සතුටු වන්නේ මේ නිසයි. ඔහු ඉස්ලාමීය මූලධර්මවාදයත්, ත්‍රස්තවාදයත් මුලිනුපුටා දමන බව සපථ කර තිබෙනවා. ඇමෙරිකානු – රුසියානු ඒකාබද්ධ ස්ථාවරයක් මේ ප්‍රශ්නයට අවශ්‍යයි. ත්‍රස්තවාදය අද එක් කලාපයකට විතරක් බලපාන දෙයක් නොවෙයි. එය ලොවම වෙළාගෙන අවසන්.

බහුසංස්කෘතියකට අනාගතයක් නැහැ. මොකද, ඉන් අදහස් වන්නේ සංස්කෘතීන් කිහිපයක එකතුවක්. මේ ආකාරයෙන් සංස්කෘතීන් කිහිපයක් එක්කිරීම හෝ ආගම් කිහිපයක් එක්කිරීම යනු හැකි වෙර යොදා කලතමින් සකසන කොක්ටේල් (මධ්‍යසාර කිහිපයක් මුසුකොට සකස් කළ පානය) එකක් වගෙයි. කාලයක් පුරා පවතින සංස්කෘතික අනන්‍යතාවයකට මෙවැනි බහුසංස්කෘතික ලේබලයන් ගැළපෙන්නේ නැහැ. මේ ආකාරයේ බහුසංස්කෘතික, බහුආගමික ලේබල ඇලවීමෙන් මිනිසුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් දුර්වල වී ඔවුන් සිය සංස්කෘතියට හා ආගමට පවතින බැඳීම දුර්වල කරනවා.”

ada.lk

Related posts

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

අයිඑස් වෙතින් අනතුරු ඇඟවීමක් : සෑම තැනකම ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරන බව පවසයි.

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

colombotoday