Colombo Today Local News

TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමට කඩා පනී.. ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි

kokilai 2652

මුලතිව් කෝකිලායිහි කොක්කතුඩුවායි ගම්මානයේ ධීවර කටයුතු කරන සිංහල ධීවර ජනතාවට ඉන් පිටවන්නැයි ද්‍රවිඩ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී උතුරු පළාත් ඉඩම් අමාත්‍ය ටී. රවිකරන් ඇතුළු පිරිසක් තර්ජණය කර තිබෙනවා.

ග්‍රාම නිළධාරීන් දෙදෙනෙකු සහ පිරිසක් සමග ඊයේ පෙරවරුවේ එහි පැමිණි ටී රවිකරන් මන්ත්‍රීවරයා කොක්කතුඩුවායි ගම්මානයේ තාවකාලිකව පදිංචිව සිටින සංක්‍රමණික ධීවර ජනතාවට එයින් ඉවත්වන ලෙස තර්ජණය කර ඇති අතර ධීවරයන් සහ පිරිස අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා. ඉන් පසුව ධීවරයින් තමන්ට පහරදුන්නැයි චෝදනා කරමින් ග්‍රමසේවක නිලධාරීන් දෙදෙනා පොලීසියට පැමිණිළි කර ඇති බවද වාර්තා වනවා.

t ravikaran
ටී රවිකරන්

කොක්කතුඩුවායි ගම්මානයේ ධීවර කටයුතු කරන වැඩි පිරිස මීගමුව, හලාවත ප්‍රදේශවලින් සංක්‍රමණය වූ පිරිස් වන අතර බටහිර මුහුද රළු වන සමයේදී කෝකිලායි ප්‍රදේශයට පැමිණ තාවකාලික වාඩිලාගෙන ධීවර කටයුතු කිරීම ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ කරගෙන යති. යුද්ධය පැවති සමයේ පවා හමුදාවේ ආරක්ෂාව ඇති ඔවුන් මෙම ප්‍රදේශවල ධිවර කර්මාන්තයේ යෙදී ඇත.

කෝකිලායි, නයාරු ධීවර ගම්මානයේ පාරම්පරිකව පදිංචිව සිටින සිංහල ධීවරයින් එයින් ඉවත් කරන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් කල ඉල්ලීම ධීවර අමාත්‍යවරයා විසින් පසුගියදා ප්‍රතික්ශේප කර තිබිණි.

පසුගිය සමයේ දිගින් දිගටම කෝකිලායිහි කතෝලික සිංහල ධීවර ජනතාවට ද්‍රවිඩ සන්ධානයෙන් එල්ලවන තර්ජණ පිළිබදව කතෝලික සභාවද දැනුවත් කර ඇතත් මේවනතුරු ඒ පිළිබදව ප්‍රතිචාර දක්වා නැත. කොක්කතුඩුවායි ධීවරයන් පලවාහැරීමට පැමිණි ටී. රවිකරන් මන්ත්‍රීවරයා මන්නාරම රදගුරුවරයාගේ සමීප හිත‍වතෙකුද වෙයි. උතුරේ ද්‍රවිඩ ජාතිවාදීන් හා බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින ක‍තෝලික සභාව කිසි දිනෙක තමන් වෙනුවෙන් පෙනී නොසිටින බවද කෝකිලායි සිංහල කතෝලික ධීවර ජනතාව චෝදනා කරයි.

Related posts

කොස්, ක්‍රෝටන් හා තණකොළ නිසා දකුණු පළාත්සභාව උණුසුම් වෙයි

colombotoday

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday