Colombo Today Local News

ජාතිවාදය උසීගන්වන්නන් අල්ලා අවුරුද්දක් සිරගත කරන්න ! – ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

2353232ජාතිවාදය උසිගන්වන පුද්ගලයන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කොට තිබේ.

එසේ අත්අඩංගුවට ගැනීමේදී වාර්ගිකත්වය නොතකන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දුන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා භාර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

අලුතින් සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාවට අනුව නව නීති සැකසෙන තුරු වාර්ගික අසමගියට තුඩුදෙන ප්‍රකාශ කරන්නන් දැනට පවතින නීතිය අනුව අඩුම වශයෙන් අවුරුද්දක් රිමාන්ඩ් ගත කර තැබීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ඇමැති මනෝ ගනේෂන් මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිවේදනය කර තිබේ.

Related posts

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

Admin

දුම්රිය වර්ජනය තරුණයෙක් බිලිගනී

Admin

බලු දඩයක් එයි.. ලියාපදිංචි නොකළොත් දහදාහක් දඩ

colombotoday

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

Admin

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday