Colombo Today Local News

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි


ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවිධ වරදාන සහ වරප්‍රසාද ලබාදී මෙවර අයවැය සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

2017 අයවැය ලේඛනය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුවද එය ජනතාවට වඩාත් අහිතකර ප්‍රතිඵල ගෙනදෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම මෙය යහපාලන ආණ්ඩුවේ අවසන් අයවැය වනු ඇති බව ඔහු පවසයි.

කෙසේවෙතත් අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මීට වඩා බලපෑමක් සිදු කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්ද 107කින් සම්මත වූ අතර එහිදී අයවැයට පක්ෂව 162ක්ද විපක්ෂව ඡන්ද 55ක්ද ලැබුණි.

මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී නොසිටියේය

Related posts

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව ගැන නිහඩව සිටීමත් දේශයට ද්‍රෝහීවීමක් – සරත් වීරසේකර

colombotoday

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගනී..

colombotoday