ජාතික සහ ශාසනික මට්ටමෙන් සංවිධානගතව ක්‍රියාකාරීව සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව නව නිකායක් බිහි කිරීමට යතියි පැතිරෙන දූෂමාණ ආරංචියක් හේතුවෙන් ත්‍රෛ නිකායික ඉහළ තැන්වල භික්ෂූන් වහන්සේලා අතර කැළඹීමක් හටගෙන ඇති බව වාර්තා වේ.
ත්‍රෛනිකායික සංඝ සභාන්වල නාහිමිවරුන් රැස්වී අද දිනයේ මේ පිළිබදව කතා බහ කර ඇති බවද දැනගන්නට ලැබේ. පැතිර යන ආරංචිය පිළිබදව අගමැති හා ජනපති කාර්යාලවල නිලධාරීන්ද කතා බහ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මේ අතර ජාතික සංවිධාන කිහිපයක් එකතුවෙන් පිහිටුවා ඇති “ශාසනාරක්ෂක සභාව“ හෙට පස්වරු 2.30 පේරාදෙණිය ගැටඹේ සිට දළදා මාළිගාව වෙත පාගමනින් ගොස් විශේෂ අධිෂ්ඨාන පූජාවක නිරත වීමට නියමිතය. ඉන් පසු තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල රටට දැනුම් දෙන බවද එහි සංවිධායකයෝ පවසති.