Colombo Today Local News

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

constitiutionනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට (19) වෙනිදා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මූලික හැඩ තලය නිර්මාණය කිරීමට මෙහෙයුම් මණ්ඩලය මගින් අනුකාරක සභා 6 ක් පත් කරන ලදී. ඒවා නම්, මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය, කේන්ද්‍රය සහ පරිධිය අතර සම්බන්ධය යන ව්‍යවස්ථා වපසරියන් යෝජනා කෙරෙන අනුකාරක සභා 6 යි.

මේ සියල්ලට සෑම පක්ෂයක්ම ආවරණය පරිදි සාමාජිකයන් ද සභාපතිවරුන්ද පත් කර තිබිණ.මෙම අනුකාරක සභා 6 විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ලබන 19 වෙනිදා කථානායකතුමාගේ සභාපතිත්වයෙන් යුත් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන අතර පසුව එය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම යුක්ත වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

නව ව්‍යවස්ථාව අවසාන වශයෙන් සම්මත කර ගැනීමට අදාල ජනමත විචාරණය ලබන වසර මැදදී පැවැත්වෙනු ඇතැයි අනුමාණ කෙරේ

Related posts

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුවෙන් නිවේදනයක්

colombotoday

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday