Colombo Today Local News

සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ! – බන්දුල අනතුරු අගවයි

bandula23232සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සහ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (16) රාත්‍රීයේ එක්වෙමිනි.

සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමෙන් ඊට සහාය දෙන පාර්ශ්ව උත්සහ කරන්නේ සාමකාමී තත්ත්වයක් යටතේ ඉටුකරගත නොහැකි රටට අහිතකර බලාපොරොත්තු ඉටුකර ගැනීමට බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේදී එනම්, 1915 දී සිංහල මුස්ලිම් කෝලහාලයක් ඇති වූ බව මෙහිදී සිහිපත් කල බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා, එම මුස්ලිම් සිංහල කෝලහාලය ඇති වූ විට එදා අත්අඩංගුවට පත් වූයේ ඩී.එස් සේනානායක, එෆ්. ආර් සේනානායක, පියදාස සිරිසේන, අනගාරික ධර්මපාල වැනි අය බවත් සඳහන් කළේය.

වසර 100 කට පසු අදත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට උත්සහ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

ඉතිහාසයේ වරක් සිදු වූ දෙය නැවත නැවත සිදු වෙමින් පවතින බව සමස්ත ජනතාවම අවබෝධ කරගත යුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එවැනි තත්වයක් යලි සිදුවීමට කිසිඳු ලෙසකින් ඉඩදිය යුතු නැති බවද අවධාරණය කර සිටියේය.

Related posts

ඒකීය රට කුඩුපට්ටම්.. රටම නොමග යවන ව්‍යවස්ථා අතුරු වාර්ථාවේ සැගවුණු උගුල මෙන්න !

colombotoday

නීතිය නොකර අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin

මහින්ද අගමැති වීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප එකගතාවය !

colombotoday

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday