Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්පයක් නැතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

එම සම්මේලනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිසන් සභාව විසින් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මවිතයටත්, කණගාටුවටත් පත්ව සිටින බවයි.

සත්‍ය පමාවීම පමණක් නොව,සත්‍ය සැඟවීමටත්, දේශපාලන වාසි සඳහා මෙම ඝාතනය ප්‍රයෝජනයට ගැනීමට සහ ප්‍රශ්න සංකීර්ණ කිරීමටත්, උත්සායක් ඇති බව පෙනෙන්නට තිබෙන හෙයින් වින්දිතයින්ට යුක්තිය සහ සාධාරණනත්වය ඉටු කරදීම සඳහා ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

Related posts

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

colombotoday

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin

ආණ්ඩුවේ සංස්කෘතික සංදර්ශනය වෙනුවට මහින්දගෙන් රණවිරු විජයග්‍රහණ සැමරුමක්

colombotoday

මුතුරාජවෙළ තෙත්බිමේ වගුරු ආශ්‍රිත බිම් අපද්‍රව්‍ය දමා පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට

colombotoday

හිර ගෙවල් එකක නෙවෙයි, දාහක දැම්මත් අපේ ගමන නවතන්න ඔය කාටවත් බෑ” ජන සටන ගිනියම් කරමින් මහින්ද කියයි

colombotoday

හෙට සිට සියලුම අන්තර්පලාත් බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවයි.

colombotoday