Colombo Today Local News

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

රජයෙන් සහන නොලැබුනහොත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළ දැමීමට වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරයි.

නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම මෙයට හේතුවී ඇති බව එම සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

“පිටරටින් ආනයනය කරන තෙල් වර්ග, මාගරින් වර්ග ඒ සියළුම දේවල් වල මිල ඉහළ ගිහින් තියෙනවා.ලංකාවේ නිෂපාදනය කරන මාගරින්වල මිලත් ඉහළ ගිහින් තියෙනවා.පිටරටින් ගේන මාගරින් ගෙන්නන්න විදියක් නෑ කිසිම කෙනෙකුට.ආනයනික මාගරින් 1kg සඳහා රුපියල් 600 දක්වා බද්ද වැඩිකරලා තියෙනවා .”

මේ සියලු ප්‍රශ්න සමඟ බේකරි කර්මාන්තය ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රජය ඇතුළු සියලුම පාර්ශවයන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කර තිබෙන නමුත් මේ වන තුරු බදු සහනයක්වත් නොලැබුණු බවත් ඉදිරියේදී යම්කිසි සහනයක් ලැබෙන බවට ඔවුන් බලාපොරොත්තුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රජයේ අවශ්‍ය සහයෝගය දෙන්නේ නම්, පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්

colombotoday

රාජපක්ෂවරු රැකියා ලක්ෂයක් දෙනවා… අපි ඕනනම් රැකියා 100ක් දෙන්න ඇති !

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත යෝජනාවලිය සාකච්ඡාවට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

Admin

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin