Colombo Today Local News

අමරපුර මහා නා හිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද නිදහස් චතුරශ්‍රයේදී..

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද(25)දින පස්වරුවේ සිදු කෙරේ.

මහා නා හිමියන්ගේ ශ්‍රීදේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 1.30 දක්වා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.

මේ අතර මහානාහිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය යෙදෙන අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ආදාහන කමිටුවේ සාමාජික කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ, මහා නා හිමියන්ට කෙරෙන ගෞරවයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් හා මස් අලෙවි සැල් ද අද දිනයේ වසා තැබෙන බවයි.

ගල්කිස්ස ධර්මපාල විහාරස්ථානයෙන් ගමන් අරඹන ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත හරහා පැමිණ බම්බලපිටිය වජිර පාරෙන් හැරී හැව්ලොක් පාරට පිවිස තුම්මුල්ල මංසන්ධිය, තර්ස්ටන් පාර ඔස්සේ නිදහස් වටරවුම හරහා පස්වරු 3.00 පමණ වනවිට නිදහස් චතුරස්‍රයට ළඟා වීමට සැලසුම් කර ඇත.

එම කාලසීමාව තුළ මාර්ග තදබදයක් ඇති වීම අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසීය ජනතාවට දැනුම් දෙයි.

Related posts

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් බන්ධනාගාර නියාමකවරයෙක් බොරැල්ලේදී කොටු

colombotoday

හකීම් මොහොමඩ් තිල්ශාඩ් ගේ මෘත ශරීරය යළි පී.සී.ආර් කරන්නැයි ඉල්ලා පියා ගොනුකළ පෙත්සම වීසිකරයි.

colombotoday

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday

පිලිස්සියි මිය ගිය මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇප

colombotoday